Site icon Live Srilanka

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සිය දිවි නසා ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය.

කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියේය.

කෙසේ නමුත් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (7)  නියෝගයක් නිකුත් කර තිබුණි.

Exit mobile version