Site icon Live Srilanka

කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොල්ලුපිටිය පොලිසිය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ලබන 12 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ඊයේ (08) උදෑසන සොයාගනු ලැබීය.

Exit mobile version