එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ අනුව එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ.
මෙම ලිපිය අද දින (09) දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස්ට භාරදී ඇති අතර පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාරදී නොතිබිණි.
මෙම ලිපිය ලැබී ඇත්තේ ශ්‍රී ලන්කන් හිටපු සභාපති කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24 ක් යන්නට මත්තෙනි.

