Site icon Live Srilanka

උණ රෝගයෙන් වසා තැබුණු දෙණියායේ පාසල් 04 හෙට සහ අනිද්දාත් වැසේ

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මාර/දෙනියාය ජාතික පාසල, මාර/දෙනියාය මැතිව්ස් ද්විභාශා මහ විද්‍යාලය., මාර/ සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය. සහ මාර/දෙනියාය රාජපක්ශ මහ විද්‍යාලය තවදුරටත් වසා තැබෙනු ඇති.

Exit mobile version