අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් අද පස්වරු 1 දක්වා කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල සහ කහන්තොට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

