Site icon Live Srilanka

මාඔයේ ගිලී දරුවෙකු මිය යයි

මාවනැල්ල, හේලිස්වත්ත ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය දරුවා සහ තවත් දරුවෙකු මා ඔයේ දිය නෑමට ගොස් සිටි අතරතුර මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය අරණායක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version