Site icon Live Srilanka

ගාල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version