තමිල්නාඩුවේ ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළවල් අසල පිහිටි රජයේ මත්පැන් අලෙවිසැල් 717 ක් වසා දැමීමට තමිල්නාඩු නව රජය විසින් නියෝග කර තිබෙනවා.
ප්‍රධාන අමාත්‍ය ජෝසප් විජේ විසින් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් කෙටි කලකට පසුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රාන්තයේ මත්පැන් සිල්ලර අලෙවිය පාලනය කරන, TASMAC ලෙස ප්‍රසිද්ධ ‘තමිල්නාඩු ප්‍රාන්ත අලෙවි සංස්ථාව’ මඟින් වන අතර, ආගමික ස්ථාන, පාසල්, විද්‍යාල සහ බස් නැවතුම්පොළවල් වල සිට මීටර් 500 ක අරයක් ඇතුළත පිහිටි වෙළඳසැල් සඳහා මෙම තහනම අදාළ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

