රාජගිරිය – මැදවැලිකඩ ප්‍රදේශයේදී රටවල් 9කට අයත් විදෙස් ජාතිකයින් 120 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අතර චීන, තායිලන්ත, මැලේසියානු සහ වියට්නාම් ජාතිකයින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
ආගමන – විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක අපරාධ වැරදි සම්බන්ධයෙන් පරීක්සණ සිදුකරන බව සඳහන්.
සැකකරුවන් සන්තකයේ තිබී කෝටි 10කට අධික පරිගණක උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




