යුක්‍රේනයට අයත් ඩ්‍රෝන යානා කිහිපයක් ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වීමත් සමඟ හටගත් දේශපාලන අර්බුදය හමුවේ ලැට්වියානු අගමැතිනී එවිිකා සිලිනා (Evika Silina) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය මැයි 07 වැනිදා යුක්රේනයේ සිට රුසියාව බලා පියාසර කළ ඩ්‍රෝන යානා තුනක් ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වූ අතර, ඉන් දෙකක් එරට නැගෙනහිර ප්‍රදේශයට කඩා වැටුණා,
මෙම සිදුවීමට දැක්වූ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව පවසමින් අගමැතිනිය විසින් එරට ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රිස් ස්පෘඩ්ස් (Andris Spruds) පසුගිය සතියේ ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.
ඊට විරෝධය පල කරමින් ආරක්ෂක අමාත්‍යවරයාගේ පක්ෂය රජයට ලබාදුන් සහය ඉල්ලා අස්කර ගැනීමත් සමඟ ලැට්වියානු සභාග ආණ්ඩුව බිඳ වැටී තිබෙනවා.
“දේශපාලන වාචාලයන් අර්බුදයක් තෝරාගෙන තිබෙනවා. මා ඉල්ලා අස් වුවත් පරාජය පිළිගන්නේ නැහැ,” යැයි අගමැතිනිය පවසා සිටි බවයි වාර්තා වෙන්නේ.
ලබන ඔක්තෝබර් මාසයේදී එරට මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මෙම දේශපාලන පෙරළිය සිදුවීම විශේෂත්වයක්




