පසුගිය පැය 24 තුළ මි.මී. 204ක වැඩිම වර්ෂාපතනයක් පිළියන්දලට

අද උද ෑසන 6.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑව පිළියන්දලින් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මිලිමීටර් 204ක වර්ෂාපතයක් එම ප්‍රදේශයට ඇද හැලී ඇති බවයි.

එසේම වේයන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර් 145.5ක් ද, ගිලිමලේ ප්‍රදේශයට මිලිමීටර් 121ක් සහ වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර් 105.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තද වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2 ක් සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img