වියට්නාම ජනාධිපති ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙයි

වියට්නාම ජනාධිපති ටෝ ලාම් ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (07) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු සමඟ 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පිළිගනු ලැබුවා.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img