ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ප්‍රසූත නිවාඩු යයි : දියණියකගේ උපත සමාජ මාධ්‍යයට මුදාහරී

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) සිය දෙවන දරුවා ලෙස දියණියක බිහි කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඇය ප්‍රසූත නිවාඩු ලබා ගැනීමට නියමිත අතර, නිශ්චිත කාලයක් ඇය මාධ්‍ය හමුවලින් බැහැරව සිටිනු ඇති බවයි Washington post වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

28 හැවිරිදි ලෙවිට්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරය දරන අතරතුර දරුවෙකු බිහි කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙනු ඇති.

ඇගේ දියණිය වන විවියානා (Viviana) හෙවත් “විවී” (Vivi) මැයි 1 වනදා උපත ලැබූ බව ඇය සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ලෙවිට් සහ ඇගේ සැමියා වන නිකලස් රිසියෝ හට 2024 ජූලි මාසයේදී සිය පළමු පුතු වන ‘නිකෝ’ ලැබුණු අතර, එය සිදුවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයට දින තුනකට පෙරයි.

ලෙවිට් නිවාඩු ලබා සිටින කාලය තුළ මාධ්‍ය හමුවලට මුහුණ දීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img