වනවාසලදී දුම්රියක් පීලි පැන මහ අනතුරක්

පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 507 දරණ දුම්රිය කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්ුව සඳහන් කළේ පීලි පැනීමට ලක්වූ දුම්රියේ එක් මැදිරියක් මාර්ගයේ පෙරලී ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

පොල්ගහවෙල සිට පැමිණි පළමු දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ පෙරලී ගිය දුම්රිය මැදිරියේ ද මගීන් සිට ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය මැදිරියක් පෙරලී ගොස් එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේවෙතත් අනෙක් මාර්ගයේ දුම්රිය ධාවනයට කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img