වාහන මත පනවනු ලබන රේගු ආනයන බද්දට සියයට 50ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය ඊට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම අධිභාරය පැනවෙන බවයි.
කෙසේ වෙතත්, මැයි 15 හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මෙම අතිරේක ගාස්තුව අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.




