ගාසා සටන් විරාම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය ඉවත් කිරීමට නෙතන්යාහු තීරණය කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලැස්ම යටතේ පිහිටුවන ලද සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය නෙරපා හැරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා.

ගාසා තීරයේ සටන් විරාමය සඳහා පදනම වූ ‘කිරියට් ගැට්’ (Kiryat Gat) හි පිහිටි මෙම මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤ නියෝජිතයින් ඉවත් කිරීමට නෙතන්යාහු නියෝග කළේ ස්පාඤ්ඤය දිගින් දිගටම ඊශ්‍රායලයේ යුධ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට ප්‍රතිචාර වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ යුද්ධය, ගාසා සහ බටහිර ඉවුරේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ප්‍රතිපත්ති මෙන්ම ලෙබනනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤය මින් පෙර දැඩි විවේචන එල්ල කර තිබුණා.

ඒ අනුව, ස්පාඤ්ඤය විසින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) අපකීර්තියට පත් කර ඇති බවටයි නෙතන්යාහු චෝදනා කරනු ලබන්නේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img