වියට්නාම් ජනපතිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනපති ටෝ ලාම් එළැඹෙන 07 සහ 08 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි එකී රාජ්‍ය සංචාරය අතරතුරදී පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාම් සමාජවාදී ජනරජයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම් සමාජවාදී ජන රජයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා වියට්නාම් සමාජවාදී ජන රජයේ ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබ සාධනය, ආගමික විශ්වාස, සිරිත් විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම් සමාජවාදී ජන රජයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

යන ගිවිසුම් කිහිපය සඳහා අත්සන් තැබීමට නියමිතයි.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img