“ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා” : ට්‍රම්ප්

හෝමුස් සමුද්‍ර සන්ධියේ “Project Freedom” මෙහෙයුමේ නිරත අමෙරිකානු නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කළහොත්, ඉරානය “ලෝක සිතියමෙන් අතුගා දමන” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, Fox News නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී යි.

මෙහිදී, අමෙරිකානු නාවික වත්කම්වලට එරෙහිව ඉරානය සිදුකරන ඕනෑම ප්‍රහාරයකට අතිශය විනාශකාරී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව ජනපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, පවතින පීඩනය හමුවේ ඉරාන පාලනය (Tehran) සාකච්ඡා මේසයේදී මීට වඩා නම්‍යශීලී (More malleable) ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

මූලාශ්‍රය | Fox News

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img