ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

ඕපනායක, පොල්වත්ත හේන වසමේ අසමාන කන්දේ උඩ කොටස අද (05) පෙ.ව. 08.20 පමණ නාය යෑමකට ලක් වී තිබෙනවා.

එම අවදානම් ප්‍රදේශයේ ජීවත් වන ජනතාව හැකි ඉක්මනින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව එම ප්‍රදේශය අයත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් නියෝජිත, අදාළ ප්‍රාදේශීය ලේකම් හා පොලිසියේ සහාය ඇතිව එම ඉවත් කිරීමේ කටයුතු කර කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img