පාසල් සිසුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටියේදී කරනමක් ගහපු හැටි

නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 7.00ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරෙන් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඒ අතර, අවුරුදු 7ත් 10ත් අතර සිසුවියන් 11 දෙනකු සහ සිසුන් දෙදෙනෙකු සිටින බවයි නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කර සිටින්නේ.

වෑන් රථයේ රියදුරු රෝහල්ගත කර තිබෙනවා.

වැඩිදුර විමර්ශ නාවලපිටිය පොලිසිය මගින් සිදු කරනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img