“Project Freedom” මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි

ඉරානය විසින් “Project Freedom” මෙහෙයුම අතරතුර සම්බන්ධයක් නොමැති සෙසු රටවලට අයත් නෞකා ඉලක්ක කර ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

ජනපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානයට අයත් වේගවත් යාත්‍රා (Fast boats) හතක් වෙඩි තබා විනාශ කිරීමට අමෙරිකානු හමුදා සමත් වූ බවයි.

එම ප්‍රහාරවලින් අමෙරිකානු පාර්ශවයට වෙනත් කිසිදු හානියක් සිදුවී නොමැති බව ද ඔහු තහවුරු කර තිබෙනවා.

පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම සඳහා අමෙරිකාව හා එක්වන ලෙස දකුණු කොරියාවෙන් ද ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා සිය සටහන මගින් අවධාරණය කර තිබෙනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img