තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මෙරට ඉහළ පෙළේ නායකයින් සමඟ සුහද හමු කිහිපයක් පවත්වා තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
ජනාධිපති මුයිසුගේ නායකත්වයෙන් යුත් මාලදිවයින් දූත පිරිස ඊයේ (03) මෙරටට පැමිණි අතර ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවේ, අගමැති අමරසූරිය විසිනි.
මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (04) උදෑසන කොළඹදී පැවැත්විණි.
එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරන ලද අතර, එය බහුවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීම පිළිබිඹු කරන බව සඳන්ය.
සංචාරක, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාරය සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල සහයෝගීතාව මෙම ගිවිසුම් මගින් ආවරණය කෙරේ.




