ඇත්ත ඩීසල් මිල රු 700යි ……අපි පාඩුපිට දෙන්නේ

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ සැබෑ පිරිවැය අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවිය යුතු වුවද, රජය තවමත් එය රුපියල් 392 වැනි අඩු මට්ටමක පවත්වාගෙන යමින් පාරිභෝගිකයාට සහන සලසන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියද එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පැටවීමට රජය කටයුතු කර නොමැති බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අනුගමනය කරන විශේෂ ව්‍යාපාරික ආකෘතියක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද සදහන්කළා

“සැබෑ පිරිවැය අනුව බැලුවහොත් අද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 700කට වඩා වැඩි විය යුතුයි. නමුත් අප එය ලබා දෙන්නේ රුපියල් 392කට. මෙහිදී සිදුවන පිරිවැය පරතරය සංස්ථාව විසින් දරා ගන්නවා. ඇතැම් මාසවල අප ලබන ලාභය, පිරිවැය අධික කාලවලදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට යොදා ගැනීම අපගේ ප්‍රතිපත්තියයි. අප බලන්නේ වසරක සමස්ත ක්‍රියාකාරිත්වය දෙසයි.”

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළා.
ඒ අනුව, වෙළඳපොළ මිල ගණන් යටතේ රජයන් දෙක අතර පවතින එකඟතාවක් (G2G) මත චීනයෙන් ඉන්ධන මිලදී ගැනීමට සාකච්ඡා පවත්වන බවත්, රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වන තාක්ෂණික සහ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img