මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
2025 වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ
මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් මට්ටමකින් වැඩි වී තිබුණ ද මෙම තත්ත්වය මගින් ඇති කරන බලපෑම බදු ආදායම් වර්ධනයට වඩා සෞඛ්‍ය හා සමාජීය වශයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.
2023 වසරේදී මධ්‍යසාර බදු 20%ට කින් වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර මිලියන 8.3කින් අඩු වී තිබූ අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩි වී තිබුණා.
2024 ආරම්භයේ දී මත්පැන් බදු තවදුරටත් 20%ට කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙර වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර 430,000කින් තවදුරටත් පහත වැටී තිබූ අතර බදු ආදායම රුපියල් බිලියන 42.15ක් දක්වා ඉහළ ගොස් තිබූ බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළා.




