තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
පෙරවරු 9.20 වන විට පවතින තත්ත්වය අනුව, ආසන 158ක් අතුරින් ආසන 71ක් ජය ගැනීමට ගැනීමට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත්ව තිබෙනවා.
මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය ආසන 48ක් ලබා ඇති අතර තෙවන ස්ථානයට එඩප්පාඩි පලනිසාමි නායකත්වය දෙන සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය පත්ව සිටිනවා.




