හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින් හෙද නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොල කොටන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හලාවත මහ රෝහලේ සේවය කරමින් සිටි හෙද නිලධාරී හසිත මලවිසිංහ නැමති එක්දරු පියෙක්.
හසිත, ඊයේ (02) පස්වරුවේ රාජකාරියට යාමට බසයක් එනතුරු මාර්ගය අසල සිටගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී ලොරි රථයක සහ යතුරු පැදි දෙකක ද ගැටි මාර්ගයේ අසල, හසිත සිටගෙන සිටි ස්ථානයේ පිහිටි වෙළෙඳසැලකට කඩාවැදී ඇත.
එම අවස්ථාවේදී හසිත, බස් රථයට සහ වෙළෙඳසැලට මැදි වී අනතුරට ලක්ව මියගොස් තිබෙනවා.
හසිත දින කිහිපයකින් විදෙස් ගත වීමට ද සැලසුම් කර තිබී ඇතිබවටද වාර්තා වනවා
මෙම අනතුර සම්බන්ධයෙන් හෙට්ටපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




