ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යන ලකුණු 

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි. 

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම මීට හේතුව බව ඔහු පෙන්වා දෙයි. 

එමෙන්ම  මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ධ 2.5 දක්වා ඉහළ දැමීම ද වාහන මිල වැඩවීමට හේතුවක් වනු ඇති බව ප්‍රසාද් මාන්නගේ මහතා අවධාරණය කළේය. 

“රජය වාහනය ආනයනය කරන එකෙන් ලොකු ආදායමක් බලාපොරොත්තු වෙනවා. මගේ ගණනය කිරීම හරි නම් බිලියන 700ක් විතර මේ වතාවේ බලාපොරොත්තු වෙනවා. රජයට වැඩිපුර ආදායමක් ලබා දෙන්නේ අපි. විශේෂයෙන්ම භාවිත කරන ලද කාර්වලින්. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඩොලරයකට ඩොලර් 1.5ක ආදායමක්. අපි ගෙන්වන වාහනවලදී ඩොලර් දෙකක්, 2.5ක් දක්වා බදු ගෙවනවා. සමහර විද්‍යුත් වාහන ආනයනයේදී තියෙන බදු ප්‍රශ්න නිසා ඩොලර් එකකට ඊටත් වඩා අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. මේවා විශ්ලේෂණය කරලා බලන්න කියලා අපි රජයට කියලා තියෙනවා. රජය බලාපොරොත්තු වෙන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කළ කාර්වලින් ලැබෙන නිසා රජය දිනුම් වගේ පේනවා.  

මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ 2.5ක් වෙලා තියෙනවා. ඒ එකක්ම විදේශ විනිමය අනුපාතවල අගයන් වැඩි වෙලා තියෙනවා. වාහනවල මිලවල යම් ඉහළ යාමක් ඉදිරියේදී දකින්න පුළුවන්.”

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img