වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

වෙල්ලාවලි පොලිස් වසමට අයත් පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේදී සිදුවූ වනඅලි ප්‍රහාරයකින් 55 හැවිරිදි කාන්තාවක් ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ තික්කෝඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

ඇය සිය නිවෙසින් පිටතට පැමිණි අවස්ථාවේදී හදිසියේම මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, වෙල්ලාවලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img