ලංකාවේ පළමු මෙට්‍රො බස් ඩිපෝව ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නව දිශාවක් විවර කරමින් පසුගිය දා මෙරට තුළ නව මෙට්‍රො බස් සේවාවක් ආරම්භ කෙරුණා.
ඒ බස් රථ 10 ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් වශයෙන්.

මෙම මෙට්‍රො බස් සේවාව සදහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීම වෙනුවෙන් ප්‍රථම බස් ඩිපෝව ඉදිකිරීමේ කටයුතු ආරම්භකිරීම අද සිදු කෙරුණා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහි වැඩ ඇරඹුණු අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ,කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට ආසන්නවය මෙය ඉදිකෙරෙනවා.

මෙම ඩිපෝ ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රුපියල් මිලියන 102 ක මූල්‍ය පිරිවැයක් දරණ අතර 2026 ජූලි 30 වන දින විට ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ආමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රජයේ අරමුදල් මේ සදහා යොදා ගැනෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා සමාගමක් ලෙස මෙම ලංකා මෙට්‍රො බස් සේවාව සදහා ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂම සේවා සැපයීමට යොදා ගැනෙනවා.

මෙට්‍රො බස් සේවාව සදහා බස් රථ 10 ක් යොදා ගනිමින් දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකව පවතින මෙම බස් රථ සේවාව එළඹෙන අගෝස්තු මස සිට තවත් පුළුල් සේවාවක් බවට පරිවර්තනය කරමින් ක්‍රියාත්මක කරනු ඇති

ඒ අනුව ප්‍රධාන මාර්ග 06 ක බස් රථ 122 ක් යොදා ගනිමින් සේවා ධාරිතාව වැඩිදියුණු කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම බස් සේවාව සාර්ථකව පවත්වා ගැනීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් ක්‍රම, ඩිපෝ පරිශ්‍ර හා අනෙකුත් ප්‍රවාහන සේවා සමග සම්බන්ධතා සදහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් නිර්මාණය කරමින් පවතිනවා.

එහි ඉදිරි පියවරක් ලෙස කඩවත මෙට්‍රො ඩිපෝවේ ඉදිකිරීම් ආරම්භ කල අතර ඊට සමගාමීව සේවා සැපයීම සදහා ඒකල, රත්මලාන සහ තලංගම නව ඩිපෝ පරිශ්‍ර ඉදි කරනු ඇති.

ඒ අනුව බස්නාහිර පළාත තුළ සේවා සැපයිම සදහා නව මෙට්‍රො ඩිපෝ 04 ක් ස්ථානගත කිරීමට නියමිතයි.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img