ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල අනාගතය තීරණය කළ යුත්තේ ඔවුන්මයි -චීනය

ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය අනාගතයට අදාළ තීන්දු තීරණ ගැනීමේ තීරකයා ද විය යුතු බව චීනය අවධාරණය කරනවා.

චීනයේ සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා හමු වූ අවස්ථාවේ දී චීන විදේශ අමාත්‍ය වං යී මහතා අද (6) බෙයිජිංහිදී මේ බව පවසා තිබෙනවා.

ඉරාන- අමෙරිකා සාම සාකච්ඡාවන්හි නවතම තත්ත්වය හා ඉරාන ස්ථාවරය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී චීන පාර්ශ්වය වෙත පැහැදිලි කර ඇත.

සිය ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය රැක ගනිමින් සාමකාමී අයුරින් යුද ගැටුමට පූර්ණ හා දිගුකාලීන විසඳුමක් ලබාදීමට ඉරානය උත්සාහ දරමින් සිටින බව හෙතෙම එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම යුද ගැටුම් තත්ත්වය නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, චීනය ඒ වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

2026 වසර දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය බවත්, ඒ නිමිත්තෙන් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද අබ්බාස් අරාග්චි මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කරා.

ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ඉරාන – අමෙරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවයි.

එමෙන්ම ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම් නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බවද ඔහු පවසා ඇති බව සඳහන්.

තවද, ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමෙහි තීරකයා විය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඉරානය සෙසු ගල්ෆ් රටවල් සමග සංවාද පවත්වමින් සුහදතාව වැඩි කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත්, ඉරානය සමග ‍දේශපාලන විශ්වාසය තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් පසු වන බවත් චීන විදේශ අමාත්‍ය වං යී මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img