හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂ පොලිස් නිලධාරියාට පහරදී ඝා%# ත#%නය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මර%#ණ දඩුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ගොඩනැගිල්ලකින් අද (11) පස්වරුවේ ඇඳවැටී මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ඒ. සී. ගජනායක මහතා පවසනවා.
වැලිකඩ බන්ධනාගාරයේ ‘එල්’ වාට්ටුවේ තුන්වැනි මහළෙන් අද (11) පස්වරු 1.30 ත් 2.00 ත් අතර කාලයේ අදාල රැඳවියා ඇඳවැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත එහිදී ඔහු මියගිය බව ද වාර්තාවනවා.
ඔහුට මර%#ණ දඩුවම නියමව සිටිය ද අද වන විට අභියාචනා සිරකරුවකු බවත් ගජනායක මහතා සදහන් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂ පොලිස් නිලධාරියා ඝා%# ත#%නය කිරීමේ චෝදනාවන්ට ගම්පහ මහාධිකරණය පසුගිය පෙබරවාරි 11 වැනිදා විත්තිකරුවන් 12 දෙනකුට මර#%ණීය දණ්ඩනය නියම කළා.




