සාමයේ පාගමනේ තෙවන දිනය අදයි

“ඒහිපස්සිකෝ”  සාම පාද යාත්‍රාවේ තෙවන දිනය අද (23) යි.

අද දිනයේ මෙම විශේෂ සාම පාගමන ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත අතර, මාවනැල්ල බෙලිගම්මන රජ මහා විහාරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

සාම පාද යාත්‍රාවේ දෙවන දිනය ඊයේ මතලේ අලුවිහාරය සිට ආරම්භ වී මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා පැමිණ තිබුණි.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන්  මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස් ථානයෙන් ආරම්භ කෙරුණි. 

භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.

එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගිය 21 වනදා දිවයිනට ළඟා වුණි.

මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img