සාම පා ගමනට ගෞරව දැක්වීම සඳහා මාර්ගයේ දෙපස සිටින ජනතාවගෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව සහ සංයමයෙන් යුතුව හැසිරෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

පාගමන ගමන් කරන මාර්ගයේ දෙපස එක්රැස්ව ගෞරව දැක්වීමේදී ගරුතර ස්වාමීන් වහන්සේ සහ දූත පිරිසට බාධා හෝ හිංසාකාරී හැසිරීම් සිදු නොකරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහජන සහාය ලබාදෙන ලෙසත් පොලීසිය අවධාරණය කරයි.

මෙම පාගමනට එක්ව සිටින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ ඇතුළු විදේශ දූත පිරිස අප්‍රේල් 21 දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද අලබා ගනිමින් ගමන ආරම්භ කළේය.

අනතුරුව, දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වී නාළල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙතළඟා වීමට නියමිතය.

මෙම ගෝලීය සාම පාගමනට ලොව පුරා ජනප්‍රිය “ආලෝකා” සුනඛයාද එක්ව සිටින අතර, මාර්ගය දෙපස විශාල ජනකායක් රැස්ව ගෞරව දැක්වීම නිරීක්ෂණය වේ.

කෙසේ වෙතත්, ඇතැම් ස්ථානවල ජනතාව තල්ලු කරගැනීම, තෙරපීම, අනවශ්‍ය ඡායාරූප හා වීඩියෝ ගත කිරීම, සුනඛයා ස්පර්ශ කිරීමට උත්සාහ කිරීම වැනි සිදුවීම් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙවැනි හැසිරීම් සාම පාගමනට බාධාවක් වන බැවින්, සියලු දෙනාගෙන් විනයගරුක සහ සංයමයෙන් යුත් හැසිරීමක් පෙන්වන ලෙස බලධාරීන් නැවතත් ඉල්ලා සිටී.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img