බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්

බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

යම් අයෙකු එවැනි වංචාවකට හසු වූයේ නම් වහාම බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

මෙහිදී සිදුවන්නේ නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන සැකකටයුතු “.apk” නමැති ගොනුවක් ඔබ ඩවුන්ලෝඩ් හා විවෘත කළහොත් සිය ජංගම දුරකථනයේ පාලනය හැකර්වරුන් අතට පත්වීමයි.

ඒ ඔස්සේ SMS පණිවිඩ, OTP කේත වැනි සංවේදී තොරතුරු හැකර්වරුන්ට නිරාවරණය වීමෙන් බැංකු ගිණුම්වල ඇති මුදල් පවා කොල්ලකෑමට අවස්ථාව පවතිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම් වලින් එවන මෙම apk ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා Click කළ සැණින් ස්මාර්ට් දුරකථනයට Mobile App එකක් ලෙස Install වීම සිදුවනවා.

තමන්ට ලැබෙන SMS පණිවිඩ කියවීමට මේ හරහා ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර, සිය බැංකු ගිණුම් වලට අදාළ රහසිංගත OTP කේතයන් පවා නොදැනුවත්වම හැකර්වරුන්ගේ අතට පත්විය හැකියි.

මේ හේතුවෙන් නාඳුනන අංකයකින් හෝ සිය මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු ‘apk ගොනු කිසිවිටෙකත් Download කිරීම හෝ විවෘත කිරීම නොකළ යුතු බව පොලිසිය දැනුම් දෙනවා.

තම දුරකථනයට අවශ්‍ය Mobile Apps ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කළ යුතු බවත්, ජංගම දුරකථන Settings තුළ ඇති Install Unknown Apps යන්න අක්‍රිය කර තැබීමත් අවශ්‍ය බවත් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img