සඳ ගමනේ අත්දැකීම් කියන්න පළමුවරට මාධ්‍ය හමුවට ආ ගගනගාමීන්

තමා පෘථිවියට අමතරව ඝන අන්ධකාරය දුටු බවත්, පෘථිවිය එවන් අන්ධකාරයක ජීවය රැගත් යාත්‍රාවක් බවත් ආර්ටිමිස් 2 සඳ චාරිකාවට සහභාගී වූ ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් පවසයි.

ඒ එම මෙහෙයුමට එක්වූ ගගනගාමීන් සිව්දෙනා ප්‍රථම වරට සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.

අමෙරිකානු සහ කැනේඩියානු ගගනගාමීන් සිවුදෙනෙක් රැගත් ආර්ටිමිස් 2 සඳ චාරිකාව පසුගිය අප්‍රේල් පළමුවැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ඇරඹීය.

අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්, නියමු වික්ටර් ග්ලොවර්, ජෙරමි හැන්සන් සහ සඳ වෙත යන පළමු කාන්තාව වන ක්‍රිස්ටිනා කෝච් ද රැගත් යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපය වෙත ඇතුළු වුණේ මිනිසා මෙතෙක් පෘථිවියෙන් එපිටට ගොස් ඇති වැඩිම දුර වන පෘථිවියේ සිට සැතපුම් 252,756ක උපරිමයකට ළඟාවෙමිනි.

අනතුරුව සඳේ දුරස්ථ කලාපය එනම් පෘථිවියට නොපෙනෙන කොටස දැකගැනීමේ අවස්ථාව ආර්ටිමිස් ගගනගාමීන්ට හිමිවිය.

සාර්ථක මෙහෙයුමකින් පසු ගගනගාමීන් යළි පෘථිවිය බලා ගමන් ආරම්භ කළ අතර දින 10කට පසු යළි පෘථිවිය වෙත පැමිණියේය.

මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් පළමු වරට විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිය අත්දැකීම් බෙදා ගත්තේය.
 
එහිදී අදහස් දැක්වූ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්,

”අපි මුහුණදුන්නේ මොනවගේ දේවල්වලට ද කියලා, මෙතන ඉන්න කිසිකෙනෙක් දන්නේ නැහැ… මගේ ජීවිතේ සිදුවන අපූරුම දෙය මෙය වෙයි. එය පහසුවු‍ණේ නැහැ.. ගෙදරින් සැතපුම් දෙලක්ෂ ගණනාවක් දුරින් ඉන්නවා කියන්නේ… පිටත්වෙන්න කලින් හිතෙනවා මේ තමා පෘථිවියේ හොඳම සිහිනය කියලා… නමුත් එහෙ ඉන්නකොට ඕන වෙන්නේ නැවත පවුලේ අය, යාළුවෝ ළඟට ආපහු එන්න.. මිනිසෙක් වීමත්, පෘථිවිය මත ජීවත්වීමත් සුවිශේෂී දෙයක්”

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img