2030 වනවිට ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉලක්ක කර ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා.
එය මෙරට අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වන නිල උපාය මාර්ගික රාමුව ලෙස පිළිගැනීමට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශවකරුවන් සමග එක්ව එය සකස් කර තිබෙනවා.




