වියට්නාම ජනපති අද දිවයිනට

වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්ය.

වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.

මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img