අස්වැසුමේ මිලියන 248ක ද්විත්ව ගෙවීමක් සිදුවෙලා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පිළිගනී

අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභිීන්ට අමතර විශේෂ දීමනාව පිරිණැමීමේදී අතපසුවීමකින් ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අද පිළිගනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නිමල් කොටවලගෙදර සදහන් කළේ, එම මුදල් ප්‍රතිලාභීන්ගේ මෙම මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට තීරණය කර ඇති බවයි.

මෙවැනි ගෙවීමක් සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙන්ම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පසුගියදා අනාවරණය කළා.

ඒ අනුව, මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙලෙස ද්විත්ව ගෙවීමක් සිදුවී ඇත්තේ දුප්පත් ප්‍රතිලාභීන්ගේ කාණ්ඩයේ බවයි.

අතපසුවීමකින් ස්ලිප් ෆයිල් එකක් මත දෙවරක් උඩුගතවීම ඊට හේතු වී ඇති බව අදාළ නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත්, මෙය අනාවරණය වූ වහාම ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ගෙවීම් අත්හිටුවා ආපසු බැර කරන ලෙස බැංකු වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට පෙර ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු රුපියල් 248,795,000 (විසිහතර කෝටී අසූ හත්ලක්ෂ අනූපන්දහසක) මුදලක් ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, ඔවුන්ට අදාළ මෙම මාසයේ අස්වැසුම ගෙවීමෙන් මෙම මුදල් අයකර ගන්නා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා.

මෙමගින් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුනොවූ බව පවසන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, සේවා අවශ්‍යතා මත කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට සිදුවීම මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් පද්ධතිය තුළ නොමැති වීම නිසා බාහිර ස්ලිප්ගොනු ආකෘතියෙන් ගෙවීම් කිරීමට සිදුවීම මීට හේතු බවයි පෙන්වා දෙන්නේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img