ට්‍රම්ප්ගේ 10%ක ගෝලීය තීරුබදු නීති විරෝධී බව අමෙරිකානු වෙළෙඳ අධිකරණය තීන්දු කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සඳහා දැඩි පහරක් එල්ල කරමින්, ඔහු විසින් අලුතින් පනවන ලද සියයට 10ක තාවකාලික ගෝලීය බදු 1970 දශකයේ වෙළඳ නීතියක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බවට අමෙරිකානු වෙළඳ අධිකරණය තීන්දු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම බදු අත්හිටුවීම බලපැවැත්වෙන්නේ පෞද්ගලික ආනයනකරුවන් දෙදෙනෙකුට සහ වොෂින්ටන් ප්‍රාන්තයට පමණයි.

අමෙරිකානු ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය විසින් ලබා දුන් 2-1ක බහුතර තීන්දුව අනුව, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම අභියාචනයක් විභාග වන අතරතුර අනෙකුත් සියලුම ආනයනකරුවන් සඳහා මෙම තාවකාලික තීරුබදු දිගටම ක්‍රියාත්මක වෙනවා.

මෙම බදු ලබන ජූලි මාසයේදී අවසන් වීමට නියමිතයි.

1974 වෙළඳ පනතේ 122 වැනි වගන්තිය යටතේ ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවීම වැරදි සහගත බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

එහෙත් මෙහිදී එක් විනිසුරුවරයෙකු සඳහන් කර ඇත්තේ, පැමිණිලිකරුවන්ට ජයග්‍රහණය ලබා දීම ඉක්මන් වැඩි බවයි.

මෙම තීන්දුව තව මාස දෙකකින් අවසන් වීමට නියමිත බදු සම්බන්ධයෙන් වුවද, එය ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු අභිලාෂයන්ට එල්ල වූ ප්‍රධාන පසුබෑමක්.

විශේෂයෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් සමග බීජිංහිදී වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට සතියකට පෙර මෙම තීන්දුව ලැබීම ද විශේෂත්වයක්.

ජාතික හදිසි අවස්ථා නීතියක් යටතේ ට්‍රම්ප් පැනවූ පුළුල් ගෝලීය තීරුබදු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර මාස තුනකට පසු මෙම තීන්දුව ලැබී තිබෙනවා.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් චෝදනා කළේ, මෙය “අන්ත වාමාංශික විනිසුරුවන් දෙදෙනෙකුගේ” තීරණයක් බවයි.

“අධිකරණ ගැන මම පුදුම වෙන්නේ නැහැ. අපට එක් තීන්දුවක් ලැබුණොත් අපි එය වෙනත් ක්‍රමයකින් කරනවා,” යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබෙනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img