අධිකරණයට සිදුකරන බලපෑම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

අධිකරණයට සිදුකරන විධායකයේ බලපෑම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය සිදුකළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු අත්සනින් යුතුව අදාළ ඉල්ලීම කථානායකවරයාට ඉදිරිපත් කළ බවය.

කෙසේ නමුත් එළැඹෙන පාර්ලිමේන්තු සතියේදී මෙම විවාදය ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කළ බව ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බලවත් පහරක් බව ඔහු සඳහන් කළේය.

පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍යාංශයේ සිදුවී ඇති බව පැවසෙන ආන්දෝලනාත්මක ගනුදෙනුව පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලූ යෝජනාවද ආණ්ඩු පක්ෂය ඉවත දැමූ බව මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img