පරිභෝජනය ඒකක 180ට වැඩි නම් 18%කින් විදුලි ගාස්තු ඉහළට

මේ වසරේ එවැනි කාර්තුවේ ඉතිරි කොටස සහ තුන්වැනි කාර්තු සඳහා ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව එහි සභාපති මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් ප්‍රකාශ කළා.

ඒ කොළඹ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඒ අනුව, ඒකක 180 – 210 සඳහා රුපියල් 1,760.00ක් ද, ඒකක 210 – 240 සඳහා රුපියල් 2,210.00ක් ද, ඒකක 240 – 270 සඳහා රුපියල් 2,660.00ක් සහ ඒකක 300ට වැඩි නම් රුපියල් 3,110.00ක් ලෙස විදුලි ගාස්තු වැඩි වෙනු ඇති.

එමෙන්ම, ඒකක බින්දුවේ සිට 180 දක්වා කාණ්ඩවලට විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බවයි ඔහු කියා සිටියේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img