ලෝක මව්වරුන්ගේ දිනය අදයි

“අම්මා…”

වචන හතරකින් ලියන්න බැරි, ලෝකයක් තරම් ආදරයක් දෙන මෙලොව ඇති උතුම්ම චරිතය ඇයයි.

දසමසක් කුස හොවමින් ලේ කිරි කර පොවමින් මවක් දරුවෙක් රකින්නේ තම දෙනෙක් මෙනි.

ඇය තරම් දරුවන්ට සෙනෙහස රැකවරණය දෙන තැනැත්තියක් මිහිපිට නොමැති තරම්.

ලොව උතුම්ම පදවිය ලෙස සැලකෙන ‘මව් පදවිය’ උදෙසා උපහාර පුදන ලෝක මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබෙනවා.

දස මසක් කුස දරා, ලේ කිරි කර පොවා, දරුවන්ගේ ලෝකය ආලෝකවත් කරන්නට තම ජීවිතයම කැප කරන මව්වරුන්ගේ ගුණය අගය කිරීම මෙදින සුවිශේෂත්වයයි.

ලොව බොහෝ රටවල් මැයි මාසයේ දෙවන ඉරිදා මව්වරුන්ගේ ඉරිදාව ලෙස සමරනවා. එය 1912 වසරේ සිට ඇරඹුනු බව ඉතිහාසයේ සඳහන්.

ලොව කිසිදිනෙක කිසිවකට සමකළ නොහැකි දෙයක් වේ නම් ඒ අම්මා පමණයි.

අම්මා ගෙදර බුදුන් පමණක් නොව ලොවම ජිවත් කරවන අපිරිමිත වස්තුවයි. දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මාගේ ගුණ සුවද වදන් වලට කැටිකල හැකි ද ?

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපට මව්වරුන්ගේ දිනය මහා සැමරුමක් නොවුණත් අම්මාගේ සෙනෙහස අමතක කළ අතලොස්සක ඇය වෙනුවෙන් කැප වීම මතක් කරන්නට අද දිනය වැදගත් වනවා නොඅනුමානයි.

දරුවන් වෙනුවෙන් දහසක් දුක් ගැහැට විඳින අම්මාගේ අපිරිමිත සෙනෙහස හුස්ම පොද පවතිනතුරු නිම නොවන යථාර්ථයක්.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img