වෛරස් උණ නිසා වසා දැමූ දෙනියායේ පාසල් බදාදා සිට යළි විවෘත වෙයි

දෙනියාය අධ්‍යාපන කලාපයේ පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් එළඹෙන මැයි 13 වන බදාදා දින සිට නැවත විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ පවසනවා.

මුලින් මැයි 12 වන දින පාසල් විවෘත කිරීමට සැලසුම් කර තිබුණද, සෞඛ්‍යාරක්ෂිත පියවර විධිමත්ව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 වනදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අද සහ හෙට (මැයි 11 සහ 12) දෙදින තුළ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

ඒ අනුව, පාසල් සහ පෙර පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා දායක වීමට කැමති ස්වේච්ඡා පුද්ගලයින් හෝ ආයතන වෙතොත් දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය හා සම්බන්ධ වන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, දැනට නිවාඩු ලබා දී ඇති පෙර පාසල් මෙම සතිය පුරා තවදුරටත් වසා තැබෙනු ඇති.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img