මෙරට ජීවත්වන ජනතාවගෙන් සියයට 84ක් ම ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවූ වසර 15 ක කාලය තුළ අක්ෂි කුණිත 17,000ක් රෝගීන් 12,000 දෙනෙකුට බද්ධ කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම, වෙනත් රටවල අවශ්‍යතා සහ ඉල්ලීම් මත අක්ෂි කුණිත 4000 ක් 5000 ක් අතර ප්‍රමාණයක් ප්රදානය කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.




