අකුණුසැර වැදිමෙන් කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇගලුම් සේවිකාවක මියගොස් තවත් ඇගලුම් සේවිකාවක බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ ඉමාෂා මධුභාෂිනි හිතවංශ (26) නැමති ඇගලුම් සේවිකාවක්.
අනතුරට පත් ඇගලුම් සේවිකාවන් දෙදෙනා , කොක්වත්ත, හබරාදුව ප්‍රදේශයේ නිවසක නේවාසිකව රැදි සිටියදී අද (03) අලුයම 12.30ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් එම නිවසට අකුණු පහරක් වැදි ඇත.
අකුණු සැර වැදී තුවාල ලබා සිටි කතුන් දෙදෙනා 1990 ගිලන් රථයකින් රෝහල්ගත කර ඇති අතර , එක් ඇගලුම් සේවිකාවක රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.




