ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් කොටුවෙයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි සුද්දාගේ’ මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන්කළා.

එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණද මෙහිදී සිය භාරයට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img