15 හැවිරිදි බාල#වය #ස්කාර දැරියක බර _පතළ ලිං #%ගික හිංසන %#යකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නිට්ටඹුව පොලිසියට අද (මැයි 08) නියෝග කළා.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කෙරුණා.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාල#වය #ස්කාර දැරියක බර _පතළ ලිං #%ගික හිංසන %#යකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුවයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවූ බව ද නීතීඥවරිය පැවසුවා ය. ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම විමසීම්වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැඳවා කරුණු දැක්වීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළා.




