අරාවත්ත ඔරුබැදිවැව ප්රදේශයේ නිවසකදී සැමියකු සිය බිරිද ට වායුරයිපලයකින් වෙඩිතැබ්මෙන් තුවාලලැබූ බිරිද ඊයේ(10) රාත්රි මහියංගන රෝහලට ඇතුලත් කල බව මහියංගන පොලිසිය පවසනවා.
මහියංගන අරාවත්ත ඔරුබැදිවැව ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක මෙසේ තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ.
මෙම සිද්ධියෙන් අනතුරුව සැකකාර සැමියා නිවසින් පැන පලාගොස් ඇති බවත් වෙඩිතැබීමට යොදාගත් වායුරයිපලය සහ උණ්ඩ 77ක් අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන්කලා.
මෙම අඹුසැමි යුවළ අතර රාත්රි පවුල් ආරවුලක් හටගෙන ඇති බවත් පසුව සැමියා බීමතින් බිරිදට සහ දියණියට වායුරයිපලයෙන් වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවත් පොලිසිය කියා සිටියා.




