ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ තරුණියන් තිදෙනෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබු අතර, පසුව මෙම සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය සහ සැකකාරියන් තිදෙනා අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
පසුව බුත්තල පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය ධාවනය කළ තරුණිය සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, යතුරුපැදිය හිමිකාරියට ද නඩු පවරා ඇත.
එම සැකකාරියන් හිදිකිවුල, උනාවටුන සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙෙනකු වන අතර යතුරුපැදිය පැදවූ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් යතුරුපැදිය ධාවනය කළ තරුණිය අද (11) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.




